Showing posts with label ෆැන්ටසි කතා. Show all posts
Showing posts with label ෆැන්ටසි කතා. Show all posts

Saturday, January 3, 2015

හිතන්න යමක්



අපේ රටේ අම්මලා තාත්තලා ලමයෙක් ඉපදෙන්න ඉන්න කොට යන්නේ හොදම හොස්පිටල් එකට ....
පොඩි එකාට කවන්නෙත් හොදම කැම බීම
ඌව යවන්නෙත් හොදම ඉස්කොලෙටයි ටියුෂන් පන්තියටයි...
ඌව කසාද බන්දලා දෙන්න දගලන්නෙත් හොදම දතකට... 
කොහොම හරි ඌට හොදම ඒවා දෙන්න දගලනවා
හැබැයි 
ඒපොඩි එකා ඉන්න රට පාලනය කරන්න පත් කරගන්නේ අමු මැටි 8 වත් පාස් නැති ගොන් මී හරක්ව 

Friday, January 2, 2015

ආප්කේ ආශිකි සමිජානම්

" මුජේ මේරා සිරිලංකාහේ ආගයා සමගින් ජැකලින් කෝ.ආශිකි සමිජානම් වේදිකා කර්තාහේ. විජාතිකෝ බලවේගා දූරී බූත කරන්නහේ....විජාතිකෝ බලවේගා බොහොත් සක්‍රියාහේ. සුබං අනාගත්හේ...."
උදේ පාන්දර එහා ගෙදරින් හින්දි බඩ යනවා වගේ සද්දයක් ඇහුන නිසා බලද්දී එහා ගෙදර ආච්චී හින්දි පාඩම් කරනවා
...

ආච්චී  මොකො  Seen එක දඹදිව යන්නද?

     --පිස්සුද පුතා දන්නේ නැද්ද..!! ජැකලීන් දු පොඩ්ඩයි , සල්මන් පුතයි ඇවිල්ලා...

ඉතින් ආච්චී හින්දි මරන්නේ මොකෝ  දැන් ?

     --පුතා අද හවසට සල්මන් බයියා එක්ක කතා කරන්නනේ හින්දි ටිකක පාඩම් කලේ

ඌ කොහෙද ආච්චි එක්ක ?

      --ඒ බයියා අද එනවනේ  අපේ මරණාධාර සමිතියේ කෙල්ලොන්ට අක්ශි කාච බෙදන්න... ඉතින් අපි සේරම හින්දී පාඩම් කරනවා

අනේ මන්දා ආච්චිත් ගොනි දුන්නාම කපලා මහලා ඇදත් ගන්නවනේ ඌ ආවේ  චන්ද වැඩ වලටනේ.....

    -- හාපොයි හාපොයි  වැහි නැති හෙන වැදියන් ඔය දෙකයි පනහේ කතා කියන උන්ට.... ම්න් ඇස් දෙකෙන්ම දැක්කා TV එකේ සල්මන් බයියා ප්ලේන් එකෙන් අක්ශි කාච පෙට්ටිය අරන් මහ බයියට දෙනවා  

ආ එහේමද ආච්චී සන්තොසයි කියලා මන් මාරු උනා :v

Tuesday, November 18, 2014

රුපියල් දෙක...

"ඉතුරු සල්ලි දෙනවා!!"
"ඇයි දුන්නේ?"
"රුපියල් 2ක් අඩුයිනේ"
"මාරු නැ නෝනා මේ බලන්න තියෙනවනම් දෙනවානේ.."
"බොරු කියන්න එපා මිනිහො.. තමුසෙලා මාරු තියාගන්න එපැයි..
ජරා වැඩ කරන්න එපා..ඔය විදිහට දවසට කියක් නොදී තියා ගන්නවද?"
"නැ නෝනා!! ... රුපියලක් දෙකක් අඩුවෙන් ඔන තරම් මිනිස්සු අපි එක්කන් යනවා...
ආ නෝනා මේ රුපියල් පහ අරන් බහින්න."
"මට තමුසෙගේ රුපියල් පහ වැඩක් නැ ජරා වැඩ කරන්න එපා මිනිහෝ..."
මා පෙරේදා බසයේ දී කොන්දොස්තර සමග රුපියල් දෙකකට කාන්තාවක් රණ්ඩුකරන අන්දම බලාසිටින විට කන වැකුනු දෙබස් කිහිපයකි ඒ...