Tuesday, November 18, 2014

රුපියල් දෙක...

"ඉතුරු සල්ලි දෙනවා!!"
"ඇයි දුන්නේ?"
"රුපියල් 2ක් අඩුයිනේ"
"මාරු නැ නෝනා මේ බලන්න තියෙනවනම් දෙනවානේ.."
"බොරු කියන්න එපා මිනිහො.. තමුසෙලා මාරු තියාගන්න එපැයි..
ජරා වැඩ කරන්න එපා..ඔය විදිහට දවසට කියක් නොදී තියා ගන්නවද?"
"නැ නෝනා!! ... රුපියලක් දෙකක් අඩුවෙන් ඔන තරම් මිනිස්සු අපි එක්කන් යනවා...
ආ නෝනා මේ රුපියල් පහ අරන් බහින්න."
"මට තමුසෙගේ රුපියල් පහ වැඩක් නැ ජරා වැඩ කරන්න එපා මිනිහෝ..."
මා පෙරේදා බසයේ දී කොන්දොස්තර සමග රුපියල් දෙකකට කාන්තාවක් රණ්ඩුකරන අන්දම බලාසිටින විට කන වැකුනු දෙබස් කිහිපයකි ඒ...


මට නම් එය ඇත්තටම ගොන් පාට් එකකි...
මොකද?
රුපියලට දෙකට කොන්දොස්තර එක්ක මරා ගන්න අපේ රටේ මිනිස්සු, මහා පරිමාණෙන් හොරකම් කරන උන්ට "සර්" ගානවා... ජන්දේ දෙනවා.. මල් මාල දානවා..වදිනවා උන්ට
විතරක් නෙමේ උන්ගේ කාර් එකේ රොදෙටත් වදිනවා...
ඇයි කොන්දොස්තරත් එක්ක රුපියල මරාගන්න උන්ට බැරි මේ වෙන මහා පරිමාන අසාධාරණ වලට විරුද්ධ වෙන්න...
විරුද්ධ වෙන්න බැරිනම් කමක් නැ මොන මගුලකටද උන්ට ආයේ ආයේ ජන්දේ දෙන්නේ...
මන් කියන්නේ නැ රුපියල හොරා කන එක හරි මිලියන බිලියන ගනන් හොරාකන එක වැරදි කියලා...
වැරද්ද තියෙන්නේ මිනිස්සුන්ගේ..
ඇයි පොඩි වැරද්දට ලොකුවට කැගහන මිනිස්සු.. ලොකු ලොකු වැරදි වලදි කට පියාගෙන ඉන්නේ!!
ඔය රුපියල දෙක හොරකම් කරලා කොන්දොස්තරයා ඔනේනම් හවසට බුලත් විටක් කයි, නැත්තම් සිගරට් එකක් බොයි,
නැත්තම් ලමයින්ට මොනාහරි ගෙනියයි..
මොකද එකා ඒ රුපියලෙන් පිටරටින් ඇපල් වතු ගන්නද??
කොහෙ හරි කම්පැනි එකක ශෙයාස් ගන්නද??
කවුරු බලයට ආවත් සිදද වෙන්න මේ ටික තමා.. මොන වැරදි තිබ්බත් මිනිස්සු ගිහින් කතිරේ ගහලා එනවා..
අද රටේ මිනිස්සු හරි නිශ්ක්‍රියයි එකයි මේ සේරමටම හේතුව...

අපේ මිනිස්සු.. නියපොත්තෙන් කඩන්න ඔනි දේවල් පොරවෙන් කපන ජාතියක්!!

3 comments:

  1. මේකත් සත්‍ය සීදුවීමක් අයියන්ඩි....

    ReplyDelete
  2. අපොයි අපොයි කොන්දොස්තර වැඩිම උනොත් බස් එකෙන් තල්ලු කරලා දායි. අරුන් තල්ලුකරන්නේ කෙලින්ම අඩි හයේ වලට :D මේ රටට උඩු යටිකුරු වෙනසක් ඕන. ඊට ඉස්සෙල්ලා ඒ වෙනසට මග පාදගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ මිනිස්සු හරි අන්ධයි නේ !!!!

      Delete