Saturday, November 1, 2014

ආයුබෝවන්!!! வணக்கம்!!! Welcome!!

                  ෆැන්ටසිය කිව්වාම එක එක අර්ථකථන දෙන්න පුලුවන් අපූර්ව සිහිනය , මනහ්කල්පිත විජ්ජාව ,විවත්‍ර කල්පනාව වගේ නොයෙකුත් ආකාරයේ නිර්වචන දෙන්න පුලුවන්..


 එත් මට හිතෙන විදිහට ෆැන්ටසිය කියන්නේ "ඉමක් නැති අනන්තයෙහි එක් අන්තයක සිට යථාර්තය  දෙසට චලිත වන නිරාලම්බ මනස් සෘෂ්ටිය "  තව විදිහකට කිව්වොත් බොරුවයි ඇත්තයි Mix වෙලා දුවන ලෝකයේ  ඇත්ත පැත්තට උඩුගම් බලා යන සිතුවිලි වලට ෆැන්ටසියක් කියලා කියන්න පුලුවන්..

මගේ බලපොරොත්තුව ඔලුවට එන හැම දෙයක්ම මේ බොගේ ලියලා දාන්න අන්න ඒ නිසයි කවියාගේ ෆැන්ටසිය කියලා නම දාගත්තේ... :D


කවියා ගැන කිව්වොත් එහෙම ඉතින් ඩිගිරියක් කරන ගමන් ඉන්න අහින්සක Single කොල්ලෙක්.. ඔය ඇති දැනට.... :P

ඔන්න ඉතින් මම අදහන දෙවි දේවතාවුන් සේරම සිහි කරලා.. පඬුරක් ගැට ගහලා... ඉස්සරහට යක්කුන්ගෙන්, පෙරේතයන්ගෙන්, කුම්භාන්ඩයන්ගෙන් මාවත් මගේ බොගත්  ආරස්සා කොරන්නෙයි කියලා.. ඒවගේම මේ බොගේ පොස්ට් වලට බාලගිරි දෝෂය අද නෙමේ හෙට කියලා ප්‍රාර්ථනා කරන ගමන් කවියාගේ ෆැන්ටසිය  Officially Launch කරනවා ඔන්න.....

කවියාගේ ෆැන්ටසියට ආයුබෝවන්!!!


බොග දාගන්න Help කරපු හැමොටම ස්තුතියි!!! .


- කවියා -


4 comments:

  1. සුපැතුම්....!!!

    ආරම්භය නොවෙයි වැදගත්, පවත්වාගෙන යාම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ඉගෙන ගැනීමට තවත් බොහොදේ තිබේ ඔබෙන්!!!!

      Delete
  2. ජයවේවා.....කරගෙන යන්න!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... අනිවාර්යෙන්ම ලියන්වා මේ දවස් ටිකේ වැඩ ගොඩ ගැහිලා

      Delete