Saturday, November 7, 2015

වැස්ස...

ජිවිතයට කොච්චර දවස් තිබුනත් ඒ හැම දවසක්ම මතක හිටින් නෑ.. හැම දවසක්ම මතක හිටින් නැති උනාට, හැම දවසක්ම අමතක වෙන්නෙත් නෑ.
මට මතකයි ඒ දවස් වල මගේ කියන්න මට කවුරුත් හිටියේ නෑ.ඒ කාලේ වැස්ස දිහා ඔහේ බලන් හිටියා.. සමහර වෙලාවට බැන්නා කාලකන්නි වැස්ස කියලා.. ඉස්සර වහින කොට මං වැස්ස පායනකල්ම වැස්ස යටින් යන මිනිස්සු දිහා,පාරේ තියෙන මඩ වතුර දිහා බලන් ඉන්නවා.. අපිරිසිදු මේ නගරේට වහින වැස්ස හරි පාලු වැස්සක්..
කාලයත් එක්ක වැස්ස ගැන මගේ තිබුන හැගීම ඔයා වෙනස් කලා..
ඔයා එනකන් වැස්සෙම බලන් ඉදලා.. කුඩ 2ක් තිබුනත් එක කුඩේ දෙන්නම බාගෙට තෙමි තෙමි ගියපු හැටි.. 
සෙනග පිරුනු බස් වල..ඒ වගේම වැහි දවස් වල එකම ශීට් එකේ වාඩි වෙලා අපි කොcචචර එහේ මෙහේ යන්න ඇතිද? ඒ හැම වැහි දවසක්ම හරි ම ලස්සන දවසක්.. ටවුන් එකට වැටුන හැම වැස්සක්ම තෙතමනේකින් පිරිලා තිබුනා..
දෙනෝදාහක් එහා මෙහා යන, කන් බීරි කරන හොන් සද්දේ.. ඒ බස් හොල්ට් එක තවමත් තියෙනවා අදටත් වැස්සට මිනිස්සුන්ට හෙවනත් සපයනවා.. සීතල වැස්සේ තෙමි තෙමි කාණු උතුරන මඩ වතුර දිහා බලාගෙන මම මගේ අතීතය මතක් කරනවා අදත් එදා වගේම වහිනවා. හැබැයි මේ වැස්ස ආයෙමත් පාලු කාලකණ්ණි වැස්සක් වෙලා මට....

3 comments:

  1. ලස්සනම ලස්සනයි..........

    ReplyDelete
  2. හ්ම්ම්.. කාලය හුඟක් වෙලාවට අපිට රිද්දවනවා...

    ReplyDelete
  3. වැස්ස වෙලාවට සමහර මතක දරාගන්න අමාරුයි තමයි.
    හැබැයි මට හිතෙන්නෙ වැස්ස ගැන ලියන එක ඊටත් වඩා අමාරුයි

    ReplyDelete